අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඬුවම හිමි 12 දෙනා වැලිකඩට

0
14

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී අරගල සමයේ නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මරණ දඬුවම නියමවූ 12 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කර ඇත.

ඊයේ (11) දින ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (11) නියෝග කළේ මෙම ඝාතනයට අදාළව චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් 41 දෙනා අතරින් 12 දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමටය.

තවත් හතරදෙනෙකුට වසර 5 කට අත්හිටවූ මාස 6ක සිර දඩුවම් නියම වූ අතර සෙසු විත්තිකරුවන් 23 දෙනෙකු නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේය.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here