අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකාට අවසන් ගෞරව දක්වන්න අද සිට අවස්ථාව

0
6


අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද අවස්ථාව හිමිවනවා. 

ඒ අනුව  අද පෙරවරු 09 සිට ඇයගේ දේහය චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේ තැන්පත් කරන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ. 

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

Neth Sound · SENEVI 01

මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ විශාරද නන්දා මාලනී මහත්මිය මෙලෙස අදහස් දැක්වුවා. 

Neth Sound · NANDA MALANI 01

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාද ඇයගේ අභාවය පිළිබඳ සිය සංවේගය පළ කළේ මෙලෙසයි.

Neth Sound · SUNIL ARIYARATHNA 01

මාලනී ෆොන්සේකා මහත්මිය අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුණා. ඒ වන විට ඇය 78 වන වියේ පසුවුණා.

1947 වසරේ අප්‍රේල් 30 වනදා කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ ඇය 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටියෙන් සිනමාවට පිවිසියා. 

එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, මාතර ආච්චි, බැද්දේගම ඇතුළු චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 

එමෙන්ම  විජය – මාලනී, ගාමිණී – මාලනී සහ රවීන්ද්‍ර – මාලනී යන යුග මෙරට ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. 

චිත්‍රපට අධ්‍යක්‍ෂණය, තිර රචනය හා නිෂ්පාදනයද ඇය විසින් සිදු කළ අතර ටෙලිනාට්‍ය රැසකටද සිය රංගන දායකත්වය ලබා දුන්නා. 

පිටගම්කාරයෝ ටෙලිනාට්‍යද ඒ අතරට අයත්. 

එවන් පසුබිමක් තුළ දශක ගණනාවක් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය මෙරට තුළ අවස්ථා ගණනකදී සම්මානනයට පාත්‍ර වූ හෙළ සිනමාවේ නිළි රැජින අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර සම්මානද ලබා ගෙන තිබෙනවා. 

මේ අතර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත්වූ මාලනී ෆොන්සේකා මහත්මිය 2015 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here