අපේ වරායන් පාවිච්චි කරන්න දුන්නොත් කොයි පැත්තෙන් හරි ගුටිකන්න වෙනවා – මැදපෙරදිග යුද්ධය ගැන මහින්දගේ මතය

0
4

මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද්ධමය තත්වය හැකි ඉක්මනින් විසඳාගැනීමට එම රටවල නායකයින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා යුද්ධයක් අවසන් කරපු නායකයෙක් හැටියට මේ දැන් මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුද්ධය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“ඇත්ත වශයෙන්ම මේ යුද්ධය මේ තත්වයට ගෙනියන්න ඉඩදෙන්න නරකයි. මේක පුළුවන් තරම් ඉක්මනින් විසඳාගැනීම සඳහා කටයුතු කරන්න ඕනෙ”

ප්‍රශ්නය – දැන් ඉරාන නෞකාවකට පහරදුන්නාට පස්සෙ ඒ අය බේරාගන්න ලංකාවෙන් උදව් කරලා තිබුණා. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“හොඳයි ඉතින්. ජීවිත බේරාගන්න කරන ඕනෙම කාර්යයකට අපේ සහයෝගය දක්වනවා”

ප්‍රශ්නය – මේ ආණ්ඩුව ලෝක දේශපාලනයට පිළිතුරු දෙන ආකාරය ගැන ඔබතුමා හිතන්නෙ කොයි විදියටද ?

“ඔබතුමන්ලා හිතන විදියට තමයි”

ප්‍රශ්නය – ඒ කියන්න අපි මේ වෙලාවේ එක පැත්තක් ගත්තොත් ඉරානයේ පැත්තද, ඇමරිකාවෙ පැත්තද ? ඒ වගේ පැත්තක් ගන්න එක හොඳයිද ?

“නෑ. නෑ. එහෙම අපි පැත්තක් ගන්න ඕනෙ නැහැනෙ. අපේ යුද්ධයකුත් නෙවෙයි, අපි පැත්තක් ගත යුතුත් නැහැ”

ප්‍රශ්නය – එහෙම වුණොත් යම් අනතුරක් ලංකාවට තියෙයිද ?

“ඒක කියන්න බෑ ඉතින් … තියෙන්න ඉඩ තියෙනවා. අපි පක්ෂග්‍රාහී නොවිය යුතුයි. අපේ වරායන් පාවිච්චි කිරීමට ඉඩ දුන්නොත් ඉතින් කොයි පැත්තෙන් හරි ගුටි කන්න වෙනවා”

ප්‍රශ්නය – අවසාන වශයෙන් ලෝක නායකයින්ගෙ ඔබතුමාට ඉල්ලන්න තියෙන්නෙ මොකක්ද ?

“ඉල්ලන්න තියෙන්නෙ පුළුවන් තරම් යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන්න කියලා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post අපේ වරායන් පාවිච්චි කරන්න දුන්නොත් කොයි පැත්තෙන් හරි ගුටිකන්න වෙනවා – මැදපෙරදිග යුද්ධය ගැන මහින්දගේ මතය appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here