Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අපේ නංගි කෙනෙකුට සජබ නගරාධිපති අපේක්ෂක පරාදයි – කොළඹ මහ නගර සභාවේ...

අපේ නංගි කෙනෙකුට සජබ නගරාධිපති අපේක්ෂක පරාදයි – කොළඹ මහ නගර සභාවේ පාලනය අපටයි – විජිත

0
6


vijitha-herath-speaks

විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (මැයි 11) ගම්පහදී පැවති ජනහමුවකදී ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ බලය අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නා බවයි.

“බොහෝ දෙනෙකු වැඩි අවධානයක් යොමුකර ඇත්තේ කොළඹ නගර සභාව කෙරෙහියි. කොළඹ නගර සභාව සැලකූ විට අපි වැඩිම මන්ත්‍රී ධුර ප්‍රමාණයක් දිනාගත් පක්ෂය වෙනවා. මන්ත්‍රී ධුර 48ක් අපට හිමිව තිබෙනවා.


පරාජයට පත් වූ සමගි ජන බලවේගයට හිමි වන්නේ මන්ත්‍රී ධුර 29ක් පමණයි. ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂකයා පවා ඔහුගේ කොට්ඨාසය පරාජයට පත් වී තිබෙනවා. ඔහු පරාජයට පත් කර ඇත්තේ මාලිමාවේ අපේ අවුරුදු 19ක තරුණ කාන්තාවකටයි. ලැජ්ජා හිතෙන්නේ නැද්ද? කොට්ඨාසයත් පැරදුණු සමගි ජන බලවේගය දැන් නගර සභාවේ බලය අල්ලා ගැනීම ගැන කතා කරනවා. ඉතින් එවැනි හැකියාවක් නැහැ. අපි කොළඹ නගර සභාවේ පැහැදිලිවම මාලිමාවේ පාලනයක් පිහිටුවනවා, ඒ පිළිබඳව ස්ථිර විශ්වාසයක් අපට තිබෙනවා,” යැයි විජිත හේරත් අමාත්‍යවරයා පැවසීය.
විජිත හේරත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ,

“අපි ඉතා වගකීමෙන් කියනවා ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය පිහිටුවීමට කිසිදු කෙනෙකුට මුදල් ලබා දී, වරප්‍රසාද ලබා දී, හෝ වෙනත් සම්පත් ලබා දී මන්ත්‍රීවරුන් අත්පත් කර ගැනීමේ විකෘති, ජරාජීර්ණ, පැරණි ක්‍රමය භාවිත නොකරන බවයි. අපි ලබාගත් ජයග්‍රහණයට ශක්තියක් වීමට වෙනත් මන්ත්‍රීවරුන් කැමති නම්, ඔවුන් සමඟද වගකීම් බෙදාගෙන මෙම පළාත් පාලන ආයතනවල බලය ගෙන යාමට අපි සූදානම්.”

ඊයේ ගම්පහදී පැවැත්වූ මෙම ජනහමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා කොළඹ මහ නගර සභාවේ බලය පිළිබඳව මෙසේ ස්ථිර ප්‍රකාශයක් කිරීම, මෑතදී අවසන් වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය තුළ සැලකිය යුතු අවධානයක් දිනාගත් කරුණක් බවට පත්ව තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here