අපට බොහෝ දේ ඉතිරි කළ ඇය නික්ම ගියාය

0
6


පුංචි බබා සිනමා කෘතියෙන් මෙරට සිංහල සිනමා ප්‍රේක්ෂකයන් අතරට එක් වූ මාලනී ෆොන්සේකා, සොල්දාදු උන්නැහේ, බඹරු ඇවිත්, මදු සමය වැනි සිනමා කෘතිවල ගැඹුරු මානවීය ගුණාංග ඉතා මැනවින් නිරූපණය කළ මතකයන් ඉතිරි කර තබමින් ජීවිතයෙන් සමු ගෙන ගියාය.

ඇය පිළිබඳව ලංකා ටෘත් මෑතකදී පළ කළ සටහන සහ ඇයගේ රංගන දිවිය පිළිබඳව සමාජ මාධ්‍යයේ පළ කර තිබූ සටහනක් උපුටා ගෙන පහත දැක්වේ.

ජනප්‍රිය සිනමාව මෙන් ම, ගැඹුරු සමාජ දේශපාලනික සිනමා කෘති දක්වා විශාල පරාසයක භූමිකා නිරූපනය කරමින් තම නිසඟ හැකියාව සිනමාවට දායාද කළ මාලනී ෆොන්සේකාට උපහාර පළ කර තිබේ.

ඇයගේ සමකාලීන ශිල්පීන් සහ ශිල්පිනියන් පිරිසක් එම උපහාර දැක්වූ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මාලනී ෆොන්සේකා මෙරට සිනමාව වෙනුවෙන් ජීවිත කාලය පුරා දරන ලද දුක් වේදනා සියල්ල කැටි වී එමගින් කඳුලැළි ගලා හැලෙන ආකාරය සංවේදී දසුනකි.

නිධානය, අපේක්ෂා, එක්ටැම්ගේ, මදුසමය, සොල්දාදු උන්නැහේ, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක් වැනි සිනමා කෘති තුළ භූමිකා නිරූපනය කළ ආකාරය නිදර්ශන වශයෙන් ගත හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here