අනුරපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකාර සෙබළා DNA පරීක්‍ෂණයකට යොමු කරන්නැයි නියෝග

0
23


අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුධ හමුදා සෙබළා ඩී එන් ඒ පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පොලීසියට අද නියෝග කළා. 

ඒ, ඊට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අපරාධය සිදු කළ බවට චෝදනා ලැබ සිටින සැකකාර හිටපු යුධ හමුදා සෙබළා අද දිනයේද අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන  සිදු කරමින් පවතින බැවින් සැකකරු යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. 

එම ඉල්ලීම පිළිගත්  ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේ සැකකරු ලබන 21 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.  

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here