අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති අත්අඩංගුවට

0
9


බෝගහපැලස්ස රක්ෂිතය එළි පෙහෙළි කරමින් අනවසරයෙන් නීතිවිරෝධී ලෙස වගා බිම් පවත්වාගෙන යාමේ චෝදනාවට අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති ලලාජිත් මානවඩු නැමැත්තා අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම රක්ෂිත භූමියේ අනවසර වගා බිම තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහපැලස්ස රක්ෂිතයේ පසුගිය ආණ්ඩුවල දේශපාලන බලය යොදා ගනිමින් අනවසරයෙන් රක්ෂිත ඉඩම් අල්ලා ගත් බවට චෝදනා ලත්, කේ.ටී රංජිත් නමින් ව්‍යාජව පෙනී සිටින හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඇතුළු පිරිස සාමාජිකත්වය ලබාගෙන ඇත්තේද මෙම අන්නාසිගල ගොවි සංවිධානයේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගොවි සංවිධානයේ සභාපතිවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here