අනවසර විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට

0
9


සතුන් දඩයම් කිරීමට බැඳ තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකාරිණිය පැවසුවේ මෙම ඛේදවාචකය පන්සියගම – වෙහෙරයාය ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියේ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු ව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසා තිබෙනවා.

මෙය ඩී -ගණයට අයත් මනුෂ්‍ය ඝාතනයක් බවයි පොලිසිය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here