අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලකවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි විභාගය කල් යයි

0
7


ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක  හර්ෂ ඉලුක්පිටිය මහතා මහතාට හිරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ජුනි මස 16 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා. 

මෙම පැමිණිලි අද ඒ.එච්.එම්.ඩී. නවාස් , ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නඩුව විභාගයට සහභාගි වීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් මෙම පැමිණිලි පිළිබඳ විභාගය  ජුනි මස 16 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

මෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහුගේ ඇප ඉල්ලීම ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා ප්‍රතික්ෂේප කර තිබුණා 

මේ අතර ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලා රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතීඥ ඒම්.ඒ.සුමන්දිරන් යන මහත්වරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය සඳහා නොවැම්බර් මස 20 වනදා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here