අද සිරුරට දැනෙන උණුසුමක් – එළියට යන්නේ ප්‍රවේසමෙන්

0
15


අද දිනයේ පළාත් හතරකට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, බස්නාහිර, වයඹ සහ සබරගමුව එම පළාත් හතරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණික තත්ත්වයක් අද දිනයේ අපේක්ෂා කරන බවයි.

මේ දිනවල ඇතැම් පාසල්වල නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සව සහ ඒ සඳහා වන පෙරහුරු පවතිනවා.

එමෙන්ම විවිධ පුද්ගලයින් එළිමහනේ රැකියාවල නිතර වීමද සාමාන්‍ය තත්ත්වයක්.

මෙවැනි උණුසුම් කාලගුණික තත්ත්වයකදී වැඩි අවධානයක් යොමු කළ යුතු කණ්ඩායම් කවුරුන්ද? මේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.

Neth Sound · DR DEEPAL 01

මෙවැනි උණුසුම් සහති කාලගුණික තත්ත්වයකදී පිළිපැදිය යුතු කරුණු මොනවාද?

Neth Sound · DR DEEPAL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here