අද සිට ඩිජිටල් පරිවර්තන යුගයට එක්වෙන එක්සත් ජාතික පක්ෂය

0
4

එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් අද (04) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරනු ලබන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

එම අවස්ථාව වෙනුවෙන් මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1,000 දෙනෙකු මෙදින පත්කිරීම සිදු කරනු ලබයි.

එමඟින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීපවීමට අපේක්ෂා කරන අතර, ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව UNP ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දෙනු ඇත.

මෙම යෙදුම මඟින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සපයනු ඇත.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකෙරේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here