අද බස් ධාවනය අවශ්‍යතාව අනුව – දුම්රිය ධාවනයෙත් වෙනසක්

0
4

අද (18) දිනයේ දිවයිනපුරාම නියමිත පරිදි බස්රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

අදාළ බස්රථ ධාවනය සඳහා යොදා ඇති කාලසටහන ඇතැම් වේලාවන් සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

මඟී ජනතාවගේ අවශ්‍යතාවය පදිරි ඕනෑම අවස්ථාවක බස්රථ ධාවනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

පවතින තත්ත්වය මත රජය විසින් සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් එදිනට ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, කැලණිවැලි මාර්ගය, පුත්තලම, මඩකලපුව/ ත්‍රිකුණාමල සහ උඩරට මාර්ගයන්වල ධාවනය වන දුම්රියන් සහ එම දුම්රියන් පිටත්වන කාල සටහන් සම්බන්ධව අදාළ නිවේදනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම්දීමක්ද සිදුකර ඇත.

එම දුම්රිය කාලසටහන් පහතින්,

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here