දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවයි .
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් .
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා .
අද දින (14) දහවල් 12:10 ට ඩෙල්ෆ්, පුනරින්, අලිමංකඩ සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .
Saru FM Media