අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

0
4

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙන අද (15) දින විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය පවසයි. 

ඒ අනුව අද පස්වරු 3.00 සිට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කලේය.

එමෙන්ම තරගය නැරඹීම සඳහා පැමිණෙන රථ වාහන සඳහා රථ ගාල් 7ක් සූදානම් කර ඇතැයිද බ්‍රිටෝ පුල්ල මංසන්දියේ සිට රථ වාහන ගාල් නොතිබුණද රථ වාහන 400ක් ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා බවද පැවසූ පොලීසිය සඳහන් කළේ  එම රථවාහන 400 තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් පාර්ශ්වයන් වෙත වෙන් කරන බවය.

එමෙන්ම මෙහි සීමාව ඉක්මවා ගිය පසු එම රථවාහන ආතර් සිල්වා මාවත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට යොමු කරන බවද මෙම මාධ්‍ය හමුවට එක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පැවසීය.

“විශේෂයෙන්ම වින්සන් පෙරේරා මාවත ග්‍රෑන්ඩ්පාස් පාර, බාබාපුල්ලේ හන්දිය සිට බ්‍රිටෝ බබාපුල්ලේ දෙසට ඇතුළත් කිරීම ඒක පැය 15.00 සිට ගමනා ගමනය සීමා කරනවා. විශේෂයෙන් බබාපුල්ලේ ප්‍රදේශයේ සිට ක්‍රීඩාංගණය දෙසට විශේෂයෙන් වින්සන් සිල්වා මාවතේ සිට කෙත්තාරාම ග්‍රවුන්ඩ් එක පැත්තට එන පාර. තුන්වැනි එක සෙබස්තියන් පාර මැල්වත් පාලම අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුල්වෙන පාර, අඩි 100 පාර ශ්‍රී බෝධිරාජ මාවත, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩංගණය දෙසට ඇතුළත් වෙන තියන පාරත් අපි සීමා කරනවා. 

මාලිගාවත්ත පන්සල පාරින් ක්‍රීඩංගණයට ඇතුළත් වෙන පාර ඇතුළු ක්‍රීඩංගණය අවට තිබෙන පාරවල්, මාලිගාවත්ත පටුමග ක්‍රීඩංගණය අසලින් ඇති අතුරු මාර්ගයෙන් ක්‍රීඩංගණය දෙසට ඇතුළු වන මාර්ගය, සද්ධර්ම පන්සල පාර කෙත්තාරාම හන්දියෙන් පන්සලට ඇතුළුවන මාර්ගය පැය 15 සිට සීමා කරන්න බලාපොරොත්තු වෙනවා.”

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here