අද දින ඔබේ දෛවය

0
2

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් ද තරමක් බහුලව යෙදේ. දාන ශීලාදී ගුණදහම්වල යෙදෙන, දහම වෙනුවෙන් කැපවන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. සිරසගත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05

වෘෂභ

ගමන් බිමන් නිතර යෙදන, ආගමානුකූල ක්‍රියාවන්හි යෙදෙන, ආගමික උත්සව සංවිධානයට හේතු දිනකි. තරමක් වැය ඉහළ යයි. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි ද යෙදෙන අතර අවිවේකී දිනකි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

මිථුන

සුපුරුදු ක්‍රියාකාරකම්වලින් මෙන්ම දහමට ළැදිව කටයුතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි. බලාපොරොත්තු නොවන මුදලක් ද වැය වෙයි. අම තර ලාභ ද ගෙන දෙයි. මුත්‍රා රෝග, අෂ්මරි රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක

ක්‍රියාශීලි දිනකි. දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවන ක්‍රියාවන් දියත් කරයි. ගමන් බිමන් ද තරමක් වැඩි වෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 07

සිංහ

ක්‍රියාශීලි දිනකි. ආගමට දහමට ළැදිව ක්‍රියා කරයි. ආගමික උත්සව සංවිධාන කිරීම් ඒවාට සහභාගි වීම් ආදියට හේතුයි. තම ඥාති වර්ගය ද දහමට ළැදි කරවන ක්‍රියා දියත් කරයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

ක්‍රියාකාරි දිනකි. දුරගමන්, වන්දනා ගමන් වැනි දේට හේතුයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. පරාර්තකාමීව ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. හදිසි ධන ලාභ ද ගෙන දෙයි. නහර වේදනා, පාද ආබාධවලට හේතුයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 03

තුලා

ක්‍රියාකාරි දිනකි. දාන ශිලාදී ක්‍රියාකාරකම්වල යෙදේ. ඒවා සඳහා තම ඇසුරුකරන්නන් සහභාගි කරවයි. තරමක් මිල මුදල් ද වැය කරයි. අවිවේකී බවක් ද ගෙනදෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ආගමට දහමට ළැදිව ක්‍රියා කරයි. වන්දනා ගමන්, ආගමික උත්සව වැනිදේ සංවිධාන කරයි. තම ඥාතීන් දහමට යොමු කරවන ක්‍රියාවන් යෙදේ. වැය ඉහළයි. මූලරෝග, භගන්දරා මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08

ධනු

ගමන් බිමන් යෙදේ. අවිවේකී බවක් ගෙන දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. වන්දනා ගමන්, ආගමික වතාවත් වැනි දේ මුල්කර ක්‍රියා කරයි. තරමක් වැයපස ද ඉහළ යයි. සන්ධි රෝග, හිරවාත මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01

මකර

දහමට ළැදිව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණදම්වල යෙදේ. සමාජ සද්කාරක ක්‍රියාවන්හි මුල්වී ක්‍රියා කරයි. තම ළඟම ඥාතීන් දහමට යොමු කරවයි. අමතර ලාභ ලබයි. වාත රෝග, ඉදිමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 04

කුම්භ

ක්‍රියාකාරි දිනකි. සුපුරුදු ක්‍රියාදාමයන්ගෙන් අත්මිදී දහමට යොමුව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණදහම් වර්ධනය කරයි. තම ළඟම ඥාතීන් ද දහමට යොමු කරවයි. හදිසි ධන ලාභ ද දෙයි. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05

මීන

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව ශිලාදී ගුණ දහම්වල හා ආගමික චාරිත්‍රවල යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරයි. තම ළඟම ඥාතීන් දහමට යොමු කරවයි. වැයපස ඉහළ යන දිනකි. ඉදිමුම් රෝග, ස්නායු රෝග මතුවේ. ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here