අද කාලගුණය – ප්‍රදේශ රැසකට මීදුම් සහිත තත්ත්වයක්

0
4

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

එමෙන්ම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.  

කන්කසන්තුරය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල  සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. 

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here