අතුකෝරළගේ මරණය අරගලයට පහරදීමේ ප්‍රතිඵලයක්. ඒකෙ වරදකරුවෝ රාජපක්ෂලා – මන්ත්‍රී සුරවීර

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ මරණය සිදුවූයේ රාජපක්ෂ කල්ලිය විසින් සාමකාමී ගෝල්ෆේස් අරගලයට පහරදීම නිසා නිර්මාණය වූ දැවැන්ත සමාජමය කැළඹීම තුළ හෙයින් ඒ මරණයේ වරදකරුවන් වන්නේ රාජපක්ෂ කල්ලිය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවාන්ද සුරවීර මහතා පවසයි.

“රටේ ජනතාව ඉතිහාසයේ නොවූ විරූ අරගලයක් කළා. ඒ සාධාරණ, ආදරණීය අරගලයට පහරදුන්නා. ඒ පහරදීමත් එක්ක තමයි රටේ ජනතාව තුළ දැවැන්ත සමාජමය කැළඹිල්ලක් නිර්මාණය වුණේ. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි අර පොලොන්නරුවේ අතුකෝරළ මන්ත්‍රීතුමාගේ මියයෑමට ප්‍රධාන සාධකය බවට පත්වෙන්නෙ. ඇත්තටම මේකෙ චූදිතයෝ, වරදකරුවෝ, පැහැදුලි ලෙසම රාජපක්ෂ කල්ලිය”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ පෙරේදා (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post අතුකෝරළගේ මරණය අරගලයට පහරදීමේ ප්‍රතිඵලයක්. ඒකෙ වරදකරුවෝ රාජපක්ෂලා – මන්ත්‍රී සුරවීර appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here