අතක් කපා යතුරුපැදියක් මංකොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට 

0
4

හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපා බරපතළ ලෙස තුවාල සිදු කර යතුරුපැදියක් මංකොල්ලකෑම ඇතුළු සොරකම් කිරීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔවුන් වයස අවුරුදු 22, 33, 35 සහ 36 යන වයස් කාණ්ඩවල පසුවන තිබ්බටුගොඩ, හොරණ, මොරගහහේන, බුලත්සිංහල ආදී ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව පොලීසිය සඳහන් කරයි. 

එම පිරිස අතර මංකොල්ලකෑ භාණ්ඩ කොටස්කර විකිණීම සඳහා ඒවා මිලදී ගෙන  තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද සිටියි. 

සැකකරුවන් මංකොල්ලකෑම සඳහා භාවිත කරන ලද සුදු යකඩ මන්න පිහියක් ඇතුළු මංකොල්ල කන ලද සහ සොරකම් කරන ලද යතුරුපැදි තුනක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඉන් එක් යතුරුපැදියක් විකුණා කැබලි කර තිබියදී බුලත්සිංහල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඊට අමතරව සැකකරුවන් විසින් සොරකම් කරන ලද තවත් භාණ්ඩ පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

රාත්‍රී මුර සංචාරයක් අතරතුර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධ අනාවරණය කර ගත් බව පොලීසිය සඳහන් කරයි.

මොවුන් විසින් හොරණ නවම් මහා පෙරහර දින හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීවරයෙකුගේ  අත මන්නා පිහියකින් කපා බරපතළ ලෙස තුවාල කර යතුරුපැදියක් සොරාගෙන තිබේ. 

මෙම සැකකරුවන් එම යතුරුපැදියේ අංක තහඩු වෙනස් කර හේ⁣නේගම, කහතුඩුව, කුඹුක, ගෝනපල සහ හොරණ ප්‍රදේශයේ යතුරුපැදි, දුරකථන සහ මුදල් මංකොල්ලකා ඇති බවට සඳහන්ය. 

මොවුන් තිදෙනා මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වුවන් බව පොලීසිය ප්‍රකාශ කරයි. 

සැකකරුවන් අද (23) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here