අගමැතිනිය යළි දිවයිනට

0
11

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

පසුගිය 19 වැනිදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියහ.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here