අකුරේගොඩ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

0
4

අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වගකිව යුතු බවය.

අදාළ නිවේදනය මගින් මෙම ඝාතන සම්බන්ධයෙන් ගතයුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දෙමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මෙම කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත්කළ යුතු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කැමැත්ත ද ඊට ලබා ගත යුතු බවය.

එමෙන්ම නිසි ආරක්ෂාව ලබාදීම සහතික කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නීතිඥයින් හට උපරිමයෙන් සහාය ලබාදෙන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ව ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here