අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

0
5

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන, ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ දී ගිනිතබා තිබූ මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා අද (17) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක නිලධාරීන් පැමිණ තිබේ.

මෙම මෝටර් රථය පසුගිය 15වනදා ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විය.

එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවය.

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබූ අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවය.

මේ අතර, අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පලකරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේය.

අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිදුවීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවය.

මෙම ඝාතනය කිසිවිටෙකත් නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකිය යුතු කාරණයක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here