තලංගම අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසල කීල්ස් සුපිරි වෙළඳසැල් රථ ගාලේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඔවුන්ගේ පිටිගල ගොඩාමුණ නිවසට රැගෙන ගොස් තිබේ.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ දේහයන් අද (15) උදෑසන සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණි.
ඉන් අනතුරුව මෙලෙස ඔවුන් දෙපළගේ දේහයන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලා ගොස් තිබුණි.
මෙලෙස ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලාය.
මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් යොදවා පරීක්ෂණ පවත්වයි.
සබැඳි පුවත්
අකුරේගොඩ වෙඩිතැබීමේ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි
හමුදා මූලස්ථානය අසල ඝාතනයට නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි
Saru News










