අකලට හිසකෙස් යනවා නම් ගෙදරදීම කළ හැකි සත්කාර

0
5

හිසකෙස් අහුරු අහුරු ගැලවී යාම බොහොමයක් තරුණියන් පීඩාවට පත් කරන දෙයක්. මේ කරදරයට පත් වුණු ඔබ බොහෝ රූපලාවණ්‍ය ක්‍රම අත්හදා බලනවා ඇති. ඒත් ඕනෑවට වඩා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබට ගෙදරදීම කරගත හැකි පහසු සහ ප්‍රතිඵලදායක සත්කාර කිහිපයක් තමයි මේ.

නෙල්ලි සහ දෙහි යුෂ

අඹරාගත් බෙහෙත් නෙල්ලි මේස හැන්දකට දෙහි යුශ මේස හැන්දක් මිශ්‍ර කර හිස් කබලහි හොඳින් අතුල්ලා, ශවර් කැප් එකකින් හිස වසා රැයක් තියෙන්න හැර උදෑසනට ෂැම්පූ කර සෝදා හරින්න.

උළුහාල් පේස්ට්

උළු හාල් කප් එකක් රැයක් පෙඟෙන්න තබා උදෑසනට එය පේස්ට් එකක් වන තෙක් අඹරාගන්න. එය හිසෙහි හොඳින් අතුල්ලා විනාඩි 40ක් තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනපතා මාසයක් කරන්න.

ලූනු ඉස්ම

ලූනු ගෙඩියක් ග්‍රේට් කර එහි යුශ මිරිකාගන්න. එය හිසෙහි ආලේප කර පැය භාගයක් තබා ෂැම්පු කර සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය  සති කීපයක් කරන්න.

කෝමාරිකා යුෂ

කෝමාරිකා යුශ හිසෙහි හොඳින් ආලේප කර පැය කීපයක් තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය සති කීපයක් කරන්න.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here