එප්පාවල ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලියෙකු රාත්‍රියේදීම ගොඩට ගැනීමට වනජීවි නිලධාරීන් ක්‍රියා කර තිබෙනවා.
එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට මෙම වනඅලියා වැටී ඇත්තේ පෙරේදා පස්වරුවේදීයි.
මීගවයින් බලා ගන්නා අයෙකු මේ පිළිබඳද වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (17) රාත්‍රියේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අලියා ගොඩට ගැනීමට තලාව වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමත්වුණා.
පසුව එම වනඅලියා නල්ලමුදාව රක්ෂිතයට පලවා හැරියා.
Saru FM Media