මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 506 දෙනෙකු මාරු කර යැවෙයි

0
11


මාතර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය අද (23) පෙරවරුව වන විට සම්පූර්ණයෙන් පාලනය කෙරුණ ද, බන්ධනාගාරය තුළ තිබූ දේපොළවලට හානි කිරීම හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත් කරන තුරු හා රැඳවියන්ගේ සම්පූර්ණ ආරක්ෂාව සඳහා ඔවුන්ගෙන් 506 දෙනෙකු සතියක කාලයකට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; අද (23) පෙරවරුවේ සිට එම රැඳවියන් ව දැඩි ආරක්ෂාවක් යටතේ අඟුණුකොළපැලැස්සට රැගෙන යාමට කටයුතු කර ඇති බවයි.

ඊයේ (22) රාත්‍රියේ දී මාතර බන්ධනාගාරයේ රැඳවියන් 25 දෙනෙකු අඟුණුකොළපැලැස්සට මාරු කර යවා තිබෙනවා.

මෙම කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීවරු තිදෙනෙකු තවදුරටත් මාතර මහා ⁣රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවට මේ වන විට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here