එදිනෙදා ගෙදර දොරදී අපට බොහොමයක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා.ඉතින් ඒ ගැටළු වලට සාර්ථක විසඳුම් නොලැබුණොත් ඒවා අපව මහත් සේ පීඩාකාරී තැනකට ගෙනයාමට තරම් ශක්තිමත් වෙන්න පුළුවන්.ඉතින් ගෙදර දොර කළමනා මිලදී ගැනීමේ සිට සියලුම කටයුතු වලට යොදා ගත හැකි තාක්ෂණයක් පිළිබඳවයි අප ඔබව දැනුවත් කරන්න යන්නේ. එය හඳුන්වන්නේ PDCA ක්‍රමවේදය නමින්.
මේ ක්‍රම වේදය උග් ස්වාට් මහතා ඉදිරිපත් කලේ බෙල් ආයතනයේ ගැටළුවක් විසඳීම සඳහා. පසුව එය මනාව ඔප දමා නිසි පිළිවෙලකට ලෝකයට රැගෙන ආවේ එඩ්වර්ඩ් ඩේමින්. ඔහුට ගරු කිරීමක් ලෙසට මේ ක්‍රම වේදය ඩෙමින් චක්‍රය ලෙසත් හැඳින්වෙනවා. අපේ එදිනෙදා කටයුතු මේ ක්‍රම වේදය යටතේ ඉතාමත් පිළිවෙලට සකසා ගැනීමට ඉඩ හසර අප වෙත ලැබී තියෙනවා.
ඩෙමින් චක්‍රය සැලසුම් කරණය, ක්‍රියාත්මක කිරීම, විශ්ලේෂණය කිරීම, නැවත ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන කොටස් හතරකින් යුතු වෙනවා.
මොන දේටත් හොඳ සැලසුමක් ඕනෑමයි. සැලැස්ම සකස් කරගැනීම සඳහා 5W2H ක්‍රමය යොදා ගන්න පුළුවන්.
අද කරන්න ඕනා දේ අදම කරන්න ඕනා. හෙටට කල් දාන්න එපා. සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වග බලාගන්න.
අපි කවුරුත් කැමතියි ඵලදායි ගෘහණියක වීමට. ඉතින් සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කිරීමේදී එය නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනා. බලාපොරොත්තු වුන දේ නිසි අයුරින් ඉටු වුනාද, ක්‍රියාත්මක වනවාද, වැය වන මුදලට සරිලන ලෙස බලාපොරොත්තු වූ දේ ලැබෙනවාද යන්න දැන ගැනීම සඳහා විශ්ලේෂණය කල යුතු වෙනවා.
ඉතින් ඔන්න ගැටළු ආවට මීට පස්සේ බය වෙන්න දෙයක් නෑ. ඩෙමින් චක්‍රය අපේ උදව්වට ඉන්නවා. ඒ වගේම නිවසත් එක්තරා දුරකට ආයතනයක් නිසා දක්ෂ කළමනාකාරිත්වයක් තිබුනොත් කටයුතු මනාව පහසුවෙන් පවත්වා ගන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා.
– චම්මි –
Saru FM Media