කොළඹ ප්‍රධාන පාසලක් ආසන්නයේ ගසක් කඩාවැටෙයි: වාහන 07කට හානි

0
11


රෂිකා හෙන්නායක

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයට ආසන්න බොරැල්ල කනත්ත වටරවුමේ මාර්ගයකට ගසක් කඩා වැටී ,වාහන 07කට ද හානි සිදුව ඇති බව, පොලීසිය පවසයි.

කෙසේවෙතත් කිසිවෙකුටත් හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ.

ගස කඩා වැටීම හේතුවෙන් බොරැල්ල බෞද්ධාලෝක මාවත සහ ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් පවතින බව පැවසේ.

පොලීසිය පැවසුවේ, ඒ අනුව එම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here