ඉදිරි දින දෙක තුළ දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි

0
14


ඉදිරි දින දෙක තුළදී දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවනවා.

හෙට (07) සහ අනිද්දා (08) යන දෙදින තුලදී දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් 42ත් අතර අගයක් ගත හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

දිල්ලි නගරයට අමතරව උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 7කට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, හර්යානා හා හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත ඊට අයත්.

ඊයේ (05) දිනයේදී ද ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් අටත් හතලිහත් අතර අගයක් ගෙන තිබූ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ත් 20ත් අතර සටහන් වූවා.

අප්‍රේල් 8 වෙනිදායින් පසුව තාප තරංගයන්හි බලපෑම අවම වනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here