ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ  ස්වර්ගස්ථ වීම ගැන ජනපති තැබූ X සටහන

0
7


අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා 

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවත් සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා 

තවද උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ.

සිය නිල X ගිණුමේ තැබූ සටහන පහතින් 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here