වල්ලපට්ටා කිලෝ 500කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාසමුල්ල රක්ෂිතයේ වල්ලපට්ටා ජාවාරම සිදුකරන බවට කඹුරුපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම රක්ෂිතයේ වැටලීමක් සිදුකළා.
එහිදී වල්ලපට්ටා ගස් කපමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඔවුන් ළඟ තිබී වල්ලපට්ටා කිලෝ 500කට අධික ප්‍රමාණයක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා.
නීති විරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි සහ තවත් උපකරණ කිහිපයක්ද ඔවුන් ළඟ තිබී සොයා ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 40ත් අතරේ පසුවන අලුත්ගම දර්ගා නගරය සහ ගාල්ල පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි කඹුරුපිටිය පොලිසිය සඳහන් කළේ.
Saru FM Media