රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක්කරන බව ඇමති නලින්ද කියයි

0
11


මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ජනතාවට සුව පහසු සමීප කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

එම රෝහලේ සෞඛ්‍ය තොරතුරු පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීම සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුනා.

සමස්ත රාජ්‍ය සේවාවම ඩිජිටල්කරණයට ලක්කර ජනතාවට පහසු කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here