මාතර බන්ධනාගාරය ඇතුළේ ගුටිකෙළියක්! නිලධාරීන් අහසට වෙඩි තියයි! STF එකත් ගෙන්වයි!  I Sri Lanka Latest News

0
10


මාතර බන්ධනාගාරයේ අද (22) පස්වරුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු මේ වනවිට එහි පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.Sri Lanka Latest News

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත.

ඒ අනුව හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව පැවසෙයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here