බද්දට හේතුව වාමාංශික වීමද ?

0
14


ට්‍රම්ප් විසින් පත බදු පනවපු රටවල්වල පොදු සමානකමක් ඇත..

ඒ පොදු සමානකම නම් කාලයක් තිස්සෙ ඇමරිකන් විරෝධයක් රට තුල පවත්වාගෙන යමින් ඇමෙරිකාවටම මොන මොනවා හෝ අපනයනය කර හොයාගන්නා විනිමයකින් රටේ ආර්ථිකය ගැටගසාගනිමින් සහ ලාබෙට චීනෙන්,ඉන්දියාවෙන් ගෙන්නා ගන්නා දේවල් පරිභෝජනය කර ‍යැපුන රටවල් මේවා වීමය..

ඇතමුන්ගේ අදහස මේ මහා බදු පැනවීමට උක්ත රටවල්වල වමට බර පාලනයන් හේතුවී ඇති බවය..මගේ අදහස නම් එය අර්ධ සත්‍යයක් බවයි.. මන්ද, මේ බද්දේ මුඛ්‍ය හේතුව උක්ත රටවල් ඇමෙරිකාවට අපනයනය කරන බාන්ඩ හා අමෙරිකාවෙන් ආනනයනය කරන බාන්ඩ ප්‍රමාණ අතර ඇති විශාල වෙනසයි..

නමුත් මේ රටවල්වලට මේ ඉරණමට මුහුණ පෑමට ඔවුන් කාලයක් ලැග සිටි අංශබාග වාම දර්ශනය ඉඳුරාම හේතූවූ බව නම් සත්‍යයකි..

ඒ කෙසේ හෝ මේ බදු ව්‍යාසනය එය පැනවුන අනෙක් රටවල්වලට වඩා ලංකාවටනම් අතිශය බරපතළය.හේතුව ලංකාව තාමත් බංකොලොත් වලකටින් උඩට පැමිණ නැත. අනෙක් කරුන ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සීයට විසිපහක් ඇත්තේ ඇමෙරිකාවට යවන අපනයනය තුලය..

එසේම මෙවන් අතිශය වැදගත් ඉසව් ‍රාජ්‍යතාන්තිකව විසඳාගැනීමට මේ ආන්ඩුවට ඇති ගතික ශක්‍යතාවයද සියල්ලටම වඩා ගැටලුකාරීය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here