පච කියනවා මදිවාට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අද පචයක් බවට පත්වෙලා! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ පච එකින් එක සජිත් මුතූර්වලදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

0
11


ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී අපේක්ෂා සහ බලාපොරොත්තු රැසක් මැද නව පාලනයක් බිහි වූ එහි දී නව පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ ඉදිරිපත් කළත් අද වන විට එම පොරොන්දු හා ප්‍රතිපත්ති සම්පූර්ණ බොරුවක් වී ඇති බවත් මේ වන විට රටේ ජනතාව ජිවත් වන්නේ ඉතා අමාරුවෙන් බවත් බඩු මිල ඉහළ ගොස් ඇති බවත් හාල්, පොල්, කිරිපිටි මිල ඉහළ ගොස් ලුණු ටිකවත් ජනතාවට සපයා ගත නොහැකි ආණ්ඩුවක් රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් බලයට පැමිණි පසු මාස 6කට විදුලි බිල අඩු කරන්නැ කිව්වත් ජනතාවගේ බලපෑම මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල 20%කින් අඩු කරන්න නියෝග කළ බවත් ඉන්ධන මිල සම්බන්ධයෙන් ද පැවසුවේ මෙවැනිම කතාවක් බවත් බදු, කොමිස්, පගා ගැසීම් නිසා දූෂණය හොරකම අල්ලස නිසා ඉන්ධන මිල වැඩි බවත් ඒවා ඉවත් කිරීමෙන් ඉන්ධන මිල අඩු කර ගොවියාට ධීවරයාට ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරයක් පවා දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් සෑම මොහොතකම මේ ආණ්ඩුව කළේ බොරුව හා රැවටිල්ල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මූතූර් මැතිවරණ බල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

පුර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි පැවසුවත් මේ වන විට ඉන්ධන, තාප සහ ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට රජය යටත් වී ඇති බවත් මේ රජය බලයට පැමිණි පසු පුනර්ජනනීය බලශක්තිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර බලශක්ති මාෆියාවට හසුවූ තුට්ටු දෙකේ ආණ්ඩුවක් බිහි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අය වේදිකා ගානේ කලේ බොරුව රැවටිල්ල ඇන්දවිම පමණයි

ජනතාව රැවටීම, ඇන්දවීම, මංමුලා කිරිම පමණක් රජය සිදු කර ඇති බවත් කෘෂිකර්මාන්තයට ලබා දෙනවා කියූ ශක්තියවත් ලබා නොදුන් බවත් පොහොර සහනාධාරය, ගුණාත්මක පොහොර, සහතික මිලවත් හරියට නොමැති බවත් වන අලි මිනිස් ගැටුමට විසඳුමක් නොමැති බවත් දේපල ජීවිත හා වගා හානියට වන්දි නොමැති බවත් මේ අය වේදිකා ගානේ කලේ බොරුව රැවටිල්ල ඇන්දවිම හා පච දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එදා ආදාහන භූමදාන ගැටලුවේ දී ඒ වෙනුවෙන් හඬ නැගුවේ සමගි ජන බලවේගයයි

මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික ආගමික අයිතියක් වන ආදාහනය භූමදානය ගැටලුවේ දී පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් වත්මන් රජයේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් ඒ වෙනුවෙන් හඬ නොනැගූ බවත් ඒ අයිතිය වෙනුවෙන් හඬ නැගූ එකම ජාතික පක්ෂය සමගි ජන බලවේගය බවත් එදා මේ සිදුවීම නිසා විපතට පත් පවුල්වලට වන්දි ලබා දීමට ප්‍රජාතන්ත්‍රවාදීව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි එදත් අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා

එමෙන්ම පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටි බවත් මේ අය ප්‍රජාතන්ත්‍රීය පලස්තීන රජයක් යටතේ ජිවත් විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතා පවා මේ රටවල් දෙක සමගියෙන් සිටිය යුතු බවට පිළිගත් බවත් පසුගිය දිනක අප රටේ තරුණයකු පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් ස්ටිකරයක් ඇලවූ අවස්ථාවේ ජනාධිපතිවරයා ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අඩුගංවට ගෙන රැදවුම් නියෝග නිකුත් කිරිමට පවා කටයුතු කළ බවත් මේ රටේ ජනතාවට කතා කරන්න මත පළ කිරීමට අයිතියක් ඇති බවත් ඒවා වාරණය කරන්න කාටවත් නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් නැහැ

එදා වේදිකාවක් වේදිකාවක් පාසා වැරදි චිත්‍රයක් ජනතාවට ලබා දී බොරුව අලෙවි කර පචය ප්‍රචාරය කරමින් අද වන විට කියපු දේ නොකරන ආණ්ඩුවක් බිහිව ඇති බවත් කවුරු විරුද්ධ වුනත් තහංචි දැම්මත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් සමගි ජන බලවේගය ද්විත් චරිත ද්විත්ව ප්‍රතිරූප පෙන්වන්නේ නැති බවත් මේ ද්විත්ව රංගනවල පෙනී නොසිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here