බණ්ඩාරවෙල, කොස්ලන්ද ප්‍රදේශයේ වෛද්‍ය නිළ නිවාසයක ගංජා පැළ වගා කළ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
එහිදී අඩි 04ක් පමණ උස ගංජා ගස් 14ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Saru FM Media