කාදිනල් හිමියන් ඉතාලිය බලා පිටත්ව යයි

0
11


කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. 

කටුනායක ගුවන් ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේ අගරඳගුරුතුමන් අද උදෑසන ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි. 

උන්වහන්සේ ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ වයි – 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ඉතාලියේ රෝමයේ පැවැත්වෙන ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට නියමිත අගරඳගුරුතුමන් ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීමට නියමිතයි.       

   
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here