ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය, ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන ආසාදන තත්ත්වයක් හේතුවෙන් මිනිසුන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වෙලා. 2009 වසරේ පමණ සිට ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය කාලයෙන් කාලයට වාර්තා වූ අතරම විශේෂයෙන් දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වාත් මැයි මාසයේ සිට ජුලි මාසය අතර කාලය තුළත් බහුලව වාර්තා විය. ඉන්ෆ්ලූවෙන්සා වෛරසයේ A, B, C ලෙස ප්‍රභේද තුනක් ඇති අතරම A වෛරස ප්‍රභේදය හේතුවෙන් හටගන්නා තත්ත්වය H1N1 ලෙස හැඳින්වෙන අතරම එය මාරාන්තික රෝග තත්ත්වයක් නොවේ. H1N1 තත්ත්වය ඇති කරනු ලබන වෛරසය සතුන් තුළ ඇති වන්නක් නිසා එය සූකර උණ (Swine Flu) ලෙස හැඳින්වුවද අද වන විට එයට H1N1 යන නාමය ස්ථීර ලෙස භාවිත වේ.
මෙම රෝගයට ගොදුරු වන සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් බහුතරයක් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මත දින හයක් හතක් ඇතුළත සුවය ලබයි. නමුත් ඇතැමුන්ගේ රෝග තත්ත්වය සුව අතට හැරුණ ද නිව්මෝනියාව, හෘද වස්තුවේ ආබාධ වැනි හේතු මත මිය යන අවස්ථා ද වාර්තා වී ඇත. ප්‍රතිශක්තිකරණය අඩු හෝ වෙනත් සෞඛ්‍ය ගැටලූ පවතින පිරිස් හැකිතාක් මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට උනන්දු විය යුතුය.
ඉන්ෆ්ලූවෙන්සා රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්විය හැකි පිරිස් ලෙස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, අවුරුදු දෙකට අඩු බිළිදුන්, ගර්භණී මව්වරුන්, පසු ප්‍රසව මව්වරුන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලූ සහ වෙනත් රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින් දැක්විය හැකිය.
වෙනත් රෝග ඇති පුද්ගලයන් ලෙස ඇදුම, හෘද රෝග, පෙනහලූ ආශ්‍රිත රෝග, දියවැඩියාව, වකුගඩු ආබාධ, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, අක්මාව හා සම්බන්ධ රෝග, පිළිකා ප්‍රතිශක්ති ඌණතා සහ අවයව බද්ධ කරන ලද පුද්ගලයන් දැක්විය හකිය. මෙවැනි පුද්ගලයන්ට රෝගය වැළඳීමේ අවදානමක් ද පවතී.
ඉන්ෆ්ලූවෙන්සා රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව ගත් කළ ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ගැබිනි මව්වරුන්ය. ගැබිනි සමයේදී සිරුරේ හෝමෝන වෙනස්කම් මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ද වෙනස්කම් ඇති බැවින් රෝගය වැලදීම අවදානම් තත්ත්වයකි. නමුත් මේ රෝගයෙන් මිය ගිය ගැබිනි මව්වරුන් ගත් විට ඔවුන් මිය යාමට මූලික හේතුව වී ඇත්තේ නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු නොවීමයි.
මෙවැනි ලකෂණ පෙන්නම් කරන ඕනෑම පුද්ගලයෙක් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර වෙත යොමු විය යුතුය. එහිදී වෛද්‍යවරයා විසින් :
ඒ අතරතුරේ රෝගය උග්‍ර තත්ත්වයට පත් වන්නේ නම් විශේෂඥ වෛද්‍ය නිර්දේශයට අනුව ”ඔසෙල් ටැමිවීල් – Oseltamivir” නම් වූ වෛරස නාශක ඖෂධය ආරම්භ කෙරේ. (මෙය වෛද්‍යවරයෙකු විසින්ම නිර්දේශ කළ යුතු අතර හිතුමතේ භාවිත කිරීම සුදුසු නොවේ. එසේම සාමාන්‍ය වෛරස තත්ත්වයන්වලදී මෙම ඖෂධය ලබා නොදේ.) ගර්භණී කාන්තාවන් මෙම ඖෂධය ලබාගැනීමෙන් කලලයට කිසිදු බලපෑමක් ඇති නොවන අතරම ඔසෙල් ටැමිවීල් ඖෂධය ලබාදීම පිළිබඳව සෑම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන උපදෙස්වලට අනුකූලව පමණි.
තවද ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළදුණු අයෙකුට දියර වර්ග වැඩි වශයෙන් ලබාදිය යුතු අතරම පෝෂණීය ආහාර ලබාදෙමින් සිරුර දුර්වල තත්ත්වයට පත්වීම වළක්වා ගත යුතුය. මේ පිළිබඳව ද වෛද්‍යවරුන් ඔබව දැනුවත් කරනු ඇත.
ඉන්ෆ්ලූවෙන්සා රෝගය සඳහා අවශ්‍ය පුද්ගලයන්හට පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් එන්නත් ලබාගත හැකි අතරම ඉදිරි ලිපියකදී ඒ පිළිබඳව සවිස්තරාත්මකව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. කෙසේ වුවද නිසි පැවැත්ම සහ නිසි සෞඛ්‍ය පුරුදු මගින් මෙසේ පැතිර යන රෝගවලින් ආරකෂා වීමට සැවොම අදිටන් කරගැනීම ඉතා වැදගත් වේ.
Saru FM Media