අශේන් පුතා ධීවර යාත්‍රාවේ ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කෙරේ

0
11


හෙරොයින් කිලෝග්‍රෑම් 124ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344 ක් සමග මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි “අශේන් පුතා” ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

මාලදිවයින් රජය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට අදහස් නොකරන බවට පවසමින් මෙරටට පිටුවහල් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙක්.

ඉහත මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී 2024 නොවැම්බර් මස 14 දින මාලදිවයින වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙරටට පිටුවහල් කළ එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here